ප්‍රධාන වශයෙන් ගත්තම මේවා වර්ග කීපයක් තියෙනවා. ඒවා තමයි වයිරස් (Virus), වර්ම්ස් (Worms), ට්‍රෝජන් හෝස්(Trojan Horse). මේවා තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන වර්ග.
Virus වයිරස්
වයිරස්
කියන්නෙත් පරිගණක වලට පැමිණෙන එක්තරා ගොනු (files) විශේෂයක්. මේවාට තමන්ගේ
ගතිගුණ වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මුල්ම අවස්ථාවේ කවුරුන්
විසින් හෝ මේවා පණ ගැන්විය(Activate) යුතුයි. ඉන්පසු මේවා නිර්මාණය කල
පුද්ගලයා දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක වීම සිදුවෙනවා.
ඒ වගේම පැතිරෙන්න පටන් ගන්නවා. මෙවැනි වයිරස් වලට පරිගණකයේ ඉතිරිව ඇති
සම්පුර්ණ මතකය භාවිතා කොට පරිගණකය කිසිවක් කල නොහැකි තත්වයකට ගෙන ඒමේ
හැකියාව පවා තිබෙනවා. සමහර වයිරස වර්ග පරිගණකයේ ඇති අතවශ්‍ය ගොනු(File) මකා
දමමින් පරිගණකය අඩපන කිරීම වැනි දේවල් කරයි. වයිරස වර්ග පරිගණකයකින් තවත්
පරිගණකයකට පැතිරීමට බොහෝ ක්‍රම භාවිත කරයි. ඒවා අතර ඊමේල් ඇමුණුම් (Email
Attachment), බාගත කරන ගොනු(Downloaded File), චැට් පණිවිඩ ,සංයුක්ත
තැටි(CD,DVD), Flash drive ප්‍රධාන වේ.
Worm
Worms
යනු වයිරස් වලට වඩා යම් තරමකින් සමාන එහෙත් යම් යම් වෙනසකම් ඇති තවත්
හානිකර ගොනු වර්ගයකි. Worms වල ඇති ප්‍රධාන වෙනස නම් ඒවා ක්‍රියාත්මක වීමට
කිසිවෙකුගේ උදව්වක් අවශ්‍ය නොවීමයි. Worms හැමවිටම තමන්ගේ කොපි තවත්
පරිගණක වලට පැතිරවීම සඳහා වැඩි වශයෙන්ම පරිගණක ජාල යොදාගනී. එසේම මෙම Worms
වලට තනිවම ක්‍රියා කිරීමට සහ කිසිම උදව්වක් නොමැතිව ඉක්මනින් පැතිරීමට
හැකියාව ඇත. සාමාන්‍ය වයිරසයකින් කරන හානියට වඩා වැඩි හානියක් වැඩි
වේගයකින් Worm එකකට කල හැක.
Trojan Horse (ට්‍රෝජන් අශ්වයා)Trojan Horse යනු ඉහත වර්ග වල වයිරස වලට වඩා වෙනස් ආකාරයකට ක්‍රියා කරන තවත් ගොනු වර්ගයකි. මේවා සාමාන්‍යයෙන් හානිකර නොවන ප්‍රයෝජනවත් වැඩසටහනක් ආකාරයෙන් පෙනී සිටින අතර ඉතාමත් බරපතල හානි සුදුකිරීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස අපට ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් ලෙස පෙනී සිට අප එම වැඩසටහන අපගේ පරිගණකයට ඇතුලත් කරගත් පසු අපට නොදැනීම පරිගණකයට හානි කිරීම අරඹයි. එසේම එම වැඩ සටහන නිපදවූ පුද්ගලයාට අපගේ අවසරය නොමැතිවම පරිගණකය තුලට පැමිණීමටද ඉඩ සලසා දෙනු ලබයි
No comments:
Post a Comment