Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ?
ඉස්සර වෙලාම ෆයර්ෆොක්ස් Open කරගන්න. ඊට පස්සේ Address Bar එකේ මෙන්න මේ විදියට ලියන්න about:config
එහෙම ලියලා Enter කරන්න. ඊට පස්සේ ඔයාලට දිග ලිස්ට් එකක් පේන්න පටන්
ගන්නවා. එතන පේන්නේ ෆයර්ෆොක්ස් වල සැකසුම් ගොඩක්. අපි දැන් ඒවා ටිකක් වෙනස්
කරන්න යන්නේ. මම මේ පෙන්නලා තියෙන ඒවා එතනින් හොයාගන්න ඕන.network.http.max-connections-per-server =32
network.http.max-persistent-connections-per-proxy =16
network.http.max-connections = 64
network.http.max-persistent-connections-per-server = 10
network.http.pipelining = true
network.http.pipelining.maxrequests = 200
network.http.request.max-start-delay = 0
network.http.proxy.pipelining = true
network.http.proxy.version = 1.1 එහෙම හොයාගෙන මම පෙන්නලා තියෙන අගයන් වලට වෙනස් කරන්න ඕන. ඒක කරන්නේ අදාල පේලිය උඩ Double Click කරලා. ඔය ටික වෙනස් කරලා Firefox restart කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. බලන්න මොනවා හරි වෙනසක් තියෙනවද කියලා. මමත් මේක කරලා බැලුවා. පොඩි වෙනසක් තියෙනවා වගේ දැනෙනවා. මේකේ තවත් ගොඩක් වෙනස්කම් කරන්න පුළුවන්. ඒත් පරිස්සමින්.
No comments:
Post a Comment